Breaking

Post Top Ad

Thursday, June 18, 2026

මෝටර් රථයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

 

තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළින් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.


මෙම සිද්ධිය ඝාතනයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.


මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 30ත් 35ත් අතර පසුවන්නියක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඇය පසුගිය දිනක පුද්ගලයෙකු සමඟ නුවරඑළිය නගරයේ පිහිටි ලැගුම්හලක නවාතැන් ගෙන සිට ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන ඇයගේ පෙම්වතා සොයා පොලීසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.

Post Top Ad

Pages