Breaking

Post Top Ad

Thursday, June 11, 2026

අමානුෂික ලෙස බිරිඳව ඝාතනය කළ සැමියාත් හදිසි අසනීප තත්ත්වයකින් මරුට

 

බිංගිරිය පොලිස් වසමට අයත් පඩිවෙල ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පඩිවෙල ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවකි.


පොලිස් මූලික විමර්ශනවලට අනුව, ඊයේ (10) උදෑසන මෙම යුවළ අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී බිරිඳ ඝාතනය කර ඇති බව අනාවරණය වී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් 59 හැවිරිදි සැකකාර සැමියා බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සැකකරු බිංගිරිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.


සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බිංගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Post Top Ad

Pages