Breaking

Post Top Ad

Sunday, July 12, 2026

මුහුදට ගසාගෙන ගිය 19 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි

 

තංගල්ල, මාවැල්ල වෙරළ තීරයේ මසුන් අල්ලමින් සිටියදී ප්‍රබල රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් අතුරුදන් වූ 19 හැවිරිදි තරුණයෙකුගේ සිරුර ඊයේ (11) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල, ගොඩැල්ලවෙල ප්‍රදේශයේ පදිංචි ජුවානා හැන්නදිගේ චමිදු දිල්ෂාන් නමැති 19 හැවිරිදි තරුණයෙකි.


පොලිසිය සඳහන් කළේ, ඉකුත් 09 වැනිදා දහවල් මාවැල්ල වෙරළේ බිලී පිත්තක් භාවිතයෙන් මසුන් අල්ලමින් සිටියදී හදිසියේ ඇති වූ ප්‍රබල රළ පහරකට හසුව ඔහු මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි.


අනතුරෙන් පසු ප්‍රදේශවාසීන්, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කළද, තරුණයා සොයා ගැනීමට එම අවස්ථාවේදී නොහැකි වී තිබුණා.


කෙසේ වෙතත්, ඊයේ (11) පස්වරුවේ මාවැල්ල මුහුදු තීරයේ පාවෙමින් තිබූ සිරුර ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් විසින් දැක බලධාරීන්ට දැනුම් දී ඇති අතර, පසුව එය අතුරුදන් වූ තරුණයාගේ සිරුර බවට තහවුරු කරගෙන තිබෙනවා.


මෙම දියෙහි ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

Post Top Ad

Pages