Breaking

Post Top Ad

Wednesday, July 15, 2026

ගලේවෙලින් සහ දැරණියගලින් මළ සිරුරු දෙකක් සොයා ගනී

 ගලේවෙල සහ දැරණියගල ප්‍රදේශවලින් පුද්ගල මෘත ශරීර දෙකක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.


ඊයේ (14) සවස ගලේවෙල පොලිස් බලප්‍රදේශයේ වයඹ ඇළේ හල්මිල්ලාගම පීලිපාලම අසල කාන්තා මෘත ශරීරයක් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.


මියගොස් ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය මානසික රෝගී තත්ත්වයකින් පෙළී සිට ඇති අතර, ජූලි 13 වැනිදා රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති බවයි.


මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


මේ අතර, දැරණියගල පොලිස් බලප්‍රදේශයේ බෝපකන්ද ඔයේ පුද්ගල මෘත ශරීරයක් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත එම පොලීසියද විමර්ශන ආරම්භ කර ඇත.


එහිදී මියගොස් සිටින්නේ දැරණියගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.


මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැරණියගල රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන දැරණියගල පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Post Top Ad

Pages