Breaking

Post Top Ad

Thursday, July 23, 2026

මෝහිනී ඇල්ලෙන් පහළට ත්‍රිරෝද රථයක් වැටී දෙදෙනෙකු මරුට

නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල ආසන්නයේ අද (22) උදෑසන සිදුවූ දරුණු ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

උදෑසන 8.15ට පමණ නල්ලතන්නිය සිට මස්කෙළිය බලා ධාවනය වූ ත්‍රීරෝද රථය අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් රියදුරුට පාලනය ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන මෝහිනී ඇල්ල ප්‍රපාතයට පෙරළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ පුද්ගලයින් පස්දෙනෙකු ගමන් කර ඇති අතර, රියදුරු සහ තවත් වැඩිහිටි පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.


එම රථයේ ගමන් කළ පාසල් සිසුන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.


සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, අනතුරට නිශ්චිත හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

Post Top Ad

Pages