Breaking

Post Top Ad

Thursday, July 23, 2026

සෙල්ෆි ගන්න ගිය පාසල් සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

 තෙල්දෙණිය පන්විල ප්‍රදේශයේ නකල්ස්වත්තේ පිහිටි දිය ඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු බෑවුමකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


වාර්තා වන ආකාරයට සිසුන් පස්දෙනෙකු එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.


අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 13 සහ 14ක් වන පාසල් සිසුන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරමින් පවතී.

Post Top Ad

Pages